බුත්තල පොලිසියේ පිරිසක් රැගත් වෑන් රියක් පස්සර දී ප්‍රපාතයකට පෙරළී කොස්තාපල්වරයකු මිය ගොස් පොලිසියේ 10 දෙනෙකු තුවාල ලැබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. බුත්තල පොලිසියේ නිලධාරියකුගේ පස්සර පිහිටි නිවසේ සාදයකට සහභාගී වී ආපසු එමින් සිටිය දී මේ අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.



