පෙම්වතුන් දෙදෙනකුගෙන් කුරුඳුවත්තේ පාසලක් අසලදී බදාදා රාත්‍රියේ කප්පමක් කෑ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් රියදුරෙක් කුරුඳුවත්ත පොලිසිය සැකපිට අත් අඩංගුවට ගනු ලැබ ඇත.
එම දෙදෙනාගෙන් රුපියල් 6000ක් ඉල්ලා රුපියල් 2000ක් ගත් බවත් ඔවුන් ළඟ රුපියල් පන් දහස් ගණනක් තිබූ බවත් පොලිසිය පවසයි.
එවැනි රාජකාරියකට යන පොලිස් සාමාජිකයන් තමන් ළඟ ඇති මුදල් ප්‍රමාණය ගැන පොලිස් පොතේ පෙර සටහනක් කළ යුතුව ඇතත් ඔවුන් එසේ කර නැතැයිද කියති.

