පොලිසියේ තව 9කට මාරු


සේවයේ අවශ්‍යතා මත තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් නව දෙනෙකු මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එන් ගුණවර්ධන වැලිකඩ ස්ථානාධිපති සිට පොලිස් මූලස්ථානයේ සැපයුම් කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඒ සී එන් ප්‍රැන්සිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ සිට වැලිකඩ වැඩ බලන ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ක්ෂක වයි එස් එච් අයි ටී සිල්වා පානදුර කොට්ඨාසයේ සිට පයාගල වැඩබලන ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර බණ්ඩාර වවුනියාවේ සිට වත්තේගම ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඥානරත්න වීරගුල ස්ථානාධිපති ලෙස බදුල්ල කොට්ඨාසයට ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ එච් පී සිරිපාල හැටන් කොට්ඨාසයේ සිට වීරගුල ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ එල් සී එල් අමරසේකර බස්නාහිර උත්ර අපරාධ කොට්ඨාසයේ සිට පන්නල ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක එච් බී එස් සී කුමාර බියගම පොලිස් ස්ථානාධිපති ලෙස ද ස්ථාන මාරු කරනු ලැබ සිටිති.