පොලිසියේ ඉල්ලීම ඉවතට


නිවසකට ඇතුළු වී වරෙන්තුකරුවන් දෙදෙනකු සහ සැකකරුවකු අත්අඩංගුවට ගනිද්දී එය දුටු මව මිය ගියයි කියන සිද්ධිය මුල්කරගෙන ඇගේ අවසන් කටයුතු සිදු කෙරෙන සෙනසුරාදා (22) මහජනතාවට පීඩා වන අයුරින් උද්ඝෝෂණ සිදුකිරීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි මිනුවන්ගොඩ පොලිසිය කළ ඉල්ලීම මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා ප්‍රතික්ෂේප කළේය.

මහජනයාට හිරිහැර වන අයුරින් හැසිරෙන ඕනෑම කෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට බලය ඇතැයි මහේස්ත්‍රාත් කීවේය.