පොලිසියේ ඉල්ලීම ඉවතට : පැමිණිල්ල ගොනු කිරීමට නියෝග


පසුගිය මහ මැතිවරණ සමයේ පොලිස් කොස්තාපල්වරයකුට බැන තර්ජනය කළැයි හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්නට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට හෝ සමථ මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා හෝ චෝදනා ගොනු කරන්නැයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා ගමගේ මහත්මිය මීගමුව පොලිසියට නියෝග කළාය.

පොලිසිය ඉල්ලීමක් කරමින් පැමිණිල්ල නීතිපතිට යොමු කරන්නැයි කියා සිටියේය. වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනිදාට කල් තැබිණි.