පොලිසියේ 59ක් පොලිස් විද්‍යාෙවන් සමත්


පොලිස් විද්‍යාව ඇතුළු උසස් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 59 දෙනකුට සහතිකපත් පිරිනැමීමේ උත්සවය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේ දී අද පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, නන්දන මුණසිංහ මහත්වරු ද, පොලිස් පුහුණු කිරීම් කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා ද එම අවස්ථාවට සහභාගී වූහ.

RDS_0368 RDS_0382 RDS_0387