පොලිස් ස්ථානාධිපතිවරුන් දොලොස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මුලස්ථානය කියයි.
ස්ථාන මාරුවීම් ලැබු පොලිස් ස්ථානාධිපතිවරුන් මෙසේය.
මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී එම් ටී බස්නායක වංචා විමර්ශනය අංශයට,
වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එම් ඒ ලිවන්ගම ස්ථානාධිපති මීරිගම ලෙස,
රඹුක්කන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි ටී බී දෙකදුවෙල නිකවැරටිය කොට්ඨාසයට,
තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී ආර් මානවඩු ස්ථානාධිපති රඹුක්කන ලෙස,
නුගේගොඩ කොට්ඨාසයේ සිටි පොලිස් පරීක්ෂක කේ එන් සිරිමෙවන් ස්ථානාධිපති තන්තිරිමලේ,
තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මරදාන අපරාධ විමර්ශ අංශයේ ස්ථානාධිපති ලෙස,
වංචා විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ආර් එම් වනිගතුංග ස්ථානාධිපති තලවකැලේ ලෙස,
මුල්ලියාවේලී පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි කේ එම් පී ඉලංගසේකර ස්ථානාධිපති විල්ගමුව ලෙස,
කොළඹ දකුණ කොට්ඨාසයේ සිටි පොලිස් පරීක්ෂක ආර් කේ රත්නසිංහම් ස්ථානාධිපති මුල්ලියාවේලී ලෙස,
දඹගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී එම් පී බණ්ඩාර නුවරඑළිය කොට්ඨාසය වෙත,
රත්නපුර කොට්ඨාසයේ සිටි පොලිස් පරීක්ෂක බමුණුසිංහ ස්ථානාධිපති දඹගල්ල ලෙස,
කුරුණෑගල කොට්ඨාසයේ සිටි පොලිස් පරීක්ෂක ඒ ඒ පී ඒ කුලතුංග ස්ථානාධිපති කුරුවිට ලෙස.

