ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයයේ දී පැමිණිල්ලක විත්තිකරුවන් දෙදෙනෙකු දණ ගස්වී යැයි කියන සිද්ධිය යටගැසීමට ප‍්‍රබල දේශපාලන අතපෙවීම් හා උසස් පොලිස් නිලධාරීන්ගේ බලපැම් ඇතැයි හික්කඩුව ප‍්‍රදේශවාසීහු කියයි.
දණගැසීමට හා තාඩන පීඩන වලට ලක් කළ බව කියන හික්කඩුව ආරච්චි කන්ද ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් දකුණු පළාත් ගාල්ල දිසා නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිලි කිරීම ගැන පුළුල් මාධ්‍ය ප‍්‍රචාරයක් ලැබීමෙන් පසු පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි විශේෂ පරික්‍ෂණයක් ඉකුත් සඳුදා ආරම්භ කර ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෝනාපිනුවල ආරච්චි කන්ද ප‍්‍රදේශයේ අවන්හලකින් ඉකුත් 13 වෙනිදා රාතී‍්‍ර මිලදී ගත් කොත්තු රොටියක් දරුවන්ට කෑමට දීමෙන් පසු තම දරුවන් අසනීපවීම ගැන අවන්හල් හිමියාට ඒ බව දැනුම් දීමට පසුදින 14 අවන්හලට ගොස් ඒවා මිලදී ගත් ව්‍යාපාරිකයින් දෙදෙනා මේ සම්බන්ධව අවන්හල් හිමියා දැනුවත් කිරීමේදී ඔවුන් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් කොත්තු රොටි මිලදී ගත් අය තමන්ට පහර දුන් බවට අවන්හල් හිමියා හික්කඩුව පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පැවසේ.

