පොලිසියෙන් පැන විදුලි බල සභාපති මුදාගනී


නිමල කොඩිතුවක්කු

වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසක් එහි සභාපති ඩබ්. බී ගනේගල මහතා අද (17)  පස්වරුවේ සිට පැය අටකට අධික කාලයක් ඔහුගේ නිල කාමරයේ හිර කර තබාගනිමින් විරෝධතාවක නිරත වූහ.
 
පොලිසිය සහ කැරළි මර්දන කණ්ඩායම් එක්ව අද රාත‍්‍රි  8.00 ට පමණ සභාපතිවරයා මුදා ගෙන ඇත.
 
ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සේවක පිරිස්  විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට අද පස්වරු 12.00ට පමණ  උද්ඝෝෂණයක නිරත වූ අතර ඉන් අනතුරුව ගොඩනැගිල්ලේ සභාපතිවරයා සිටි කාමරය අසල සිට ඔහුට පිටතට ඒමට ඉඩනොදී එහි රැඳී සිටිමින් විරෝධයේ නිරතව සිට ඇත.