සියලු පොලිස් නිලධාරින්ට සියයට 40 ක වැටුප් වැඩිවිමක් ලබාදීමට තමා යෝජනා කර ඇතැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා එම අමාත්‍යාංශයේදී අද (03) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී පැවසීය.
මීළඟ අයවැයෙන් මේ සඳහා මුදල් වෙන් කරවා ගැනීමට බලාපොරොත්තු වන බව කී ඇමැතිවරයා දුෂ්කර ප්‍රදේශවල පොලිස් නිලධාරින්ට අමතර දීමනාවක් ගෙවීමට ද අවධානය යොමු වී ඇතැයි සඳහන් කළේය.

