පොලිසියට පිහි පහර දී පැන ගිය කුඩ්ඩාට වෙඩි


(ඩී.ජී.සුගතපාල)

හෙරොයින් වැටලිමකට ගිය ඇල්පිටිය පොලිසියේ නිලධාරි කණ්ඩායමකට හෙරොයින් ජාවාරම් කරුවකු බව කියන පුද්ගලයකු  තියුණු ආයුද පහරදී  පළායාමට උත්සහ කරද්දි පොලිසිය එල්ල කළ  වෙඩි පහරින් ඔහු ද තුවාල ලබා ඇතැයි ගාලු දිසාව බාර නියෝ්‍ජ්‍ය පොලිස්පති කාර්යාල කියයි.

තුවාල ලැබූ පොලිස් නිලධාරිය සහ සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

කුඩු ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා යක්කටුව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී  සැකකරු නිවස අසලදි එක් වරම පොලිස් නිලධාරින්ට පිහියකින් පහරදි කැලයට පැන ඇත.

පිහිපාර වැදිමෙන් කොස්තාපල්වරයාගේ අතකට තුවාල සිදුව ඇත

ඒ සමගම ක්‍රියාත්මකවු පොලිස් නිලධාරින් සැකකරු දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තුවාල ලැබු කොස්තාපල්වරයා රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත.

පසුව තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේහයට ගොස් අවට සිදු කළ සෝදිසි මෙහෙයුමක දී තුවාල ලබා කුරුඳු කැලයක සැඟව සිටි සැකකරු අත් අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ  රෝහලට ඇතුලත් කර ඇත.