පොලිසියට ගල් ගහනවැයි කී පළාත් මන්ත්‍රීට රට යන්න අවසර


මහින්ද රාජපක්ෂ අගමැතිවීමෙන් පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සියලු දෙනාටම ගල් ගසා මරා දමන බව ප්‍රකාශ කළැයි කියන දකුණු පළාත් මන්ත්‍රී ඩී.වී.උපුල්ට එතෙර යෑමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (1) අවසර දුන්නේය.

ඔහුගේ නීතිඥයන්ගේ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් රුපියල් ලක්ෂ 5 ක ඇපකරයකට අත්සන් කරන ලෙසද උපුල්ට නියම කළේය.

ඔහු දැනට ඇප මත සිටී.