මහින්ද රාජපක්ෂ අගමැතිවූ විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පීසී ගේ සිට සියලු දෙනා ගල් ගසා මරා දමන බව දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල් මහතා පසුගියදා තිස්සමහාරාමයේ පැවති රැස්වීමකදී කීවේය.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පහළම නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා ලැයිස්තුවක් ගෙන ඔවුන් ගල් ගසා මරා දමන බවත් වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව කීවත් නයි පොළඟුන් සමග එසේ කළ නොහැකි බවත් ඔහු පැවසීය.
‘1989 භීෂණ සමයේ සපුගස්කන්ද බටලන්දේ 60,000ක් මරා දැමූ මිනීමරුවන්ට දඬුවම් දීමට ශ්‍රීලනිප රජය කටයුතු කළේ නෑ. නමුත් ඔවුන් දැන් බලය ලබාගෙන අපේ අයගේ පුංචි පුංචි වැරදිවලටත් එළව එළවා දඬුවම් දෙන්න හදනවා. නැවත මහින්ද අගමැති වූ වහාම ඒ අයට නිසි දඬුවම් දෙනවා. අපේ අය කූඩුවට දාන මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් කාරයෝ ගල් ගහලා මරනකන් අපි බලන් ඉන්නේ‘ යැයි උපුල් මහතා කීවේය.
හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.


