
(යොහාන් භාසුර)
ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දක්වමින් විපක්‍ෂයේ පක්‍ෂ රැසක සංවිධානයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැන් පැවැත්වෙන ‘මහා ජන හඬ’ ජන රැළිය පැවැත්වෙන භූමියෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය රැළිය ආරම්භ වීමට පැය කීපයකට පෙර ඉවත් කළේය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් සහ රැළිය පැවැත්වෙන ස්ථානයට සමීපව විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති බැවින්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් එම මධ්‍යස්ථානවල සිසුන්ට බාධා ඇතිවිය හැකි යැයි පවසමින් රැළිය පැවැත්වෙන භූමිය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර යෙදවීමටත් පොලිසිය කටයුතු කළේය.
එම රැලිය පැවැත්වෙන පරිශ්‍රය අවට පිහිටි විභාග මධ්‍යස්ථානවල අද (21) පෙරවරු 8.30 සිට පෙරවරු 11.40 දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඔවුන්ට බාධා එල්ල නොවිය යැයි පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබුණි.
එබැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී එම පරිශ්‍රය තුළ පමණක් භාවිත කරන ලෙස පොලීසිය සංවිධායකයින්ගෙන් ඉල්ලා තිබුණි.
විභාග සඳහා සහභාගීවන හා විභාග කටයුතු අවසන් කර පිටව යන සිසුන්ට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් තර තිබුණි.
රැළිය පැවැත්වෙන ස්ථානයේ කොඩි ප්‍රදර්ශනය කිරීමට හෝ ඉඩ නොදුන් බව ද සංවිධායකයෝ පැවසූහ.

