නිමන්ති රණසිංහ
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළ කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අද පැය තුනකට අධික කාලයක් ප‍්‍රශ්න කොට ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
තමන් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රවර්ධනය කිරීමට මිස එල් ටී ටී ඊ සංවිධානය ප‍්‍රවර්ධනය කිරීමට මෙම ප‍්‍රකාශය සිදු නොකළ බවත් තමාට එම ප‍්‍රකාශයේ බරපතල ස්වභාවය තේරුම් ගියේ සිද්ධියෙන් අනතුරුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වයෙන් පසුව බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය සිය ප‍්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.