පොලිසිය මැණික් කොල්ලයක?


රහස් පොලිසියේ බව කියමින් මාවනැල්ල මැණික් ව්‍යාපාරිකයකුගේ රුපියල් දෙකෝටියක මැණික් ගල් 14 ක් පැහැර ගත්තේයැයි කියන හෙම්මාතගම පොලිසියේ නිලධරයකු හා සිවුදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් මාවනැල්ල පොලිසිය, පොලිසිියේ තවත් හතර දෙනකු සොයයි. අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයාගේ ගෙදර මිදුලේ වළදමා තුබූ මැණික් ගල් කිහිපයක්ද සොයාගෙන ඇත.