පොලිසිය බාරයේ තිබූ යතුරු පැදිය දෙන්න කතකගෙන් 4000ක අල්ලසක් අරන්


(ජනුර් කිචිලාන්)

කුරුණෑගල පොලිසිය භාරයේ තිබූ යතුරු පැදියක් නිදහස් කර ගැනීිමට පැමිණි කාන්තාවකගෙන් රුපියල් 4000 මුදලක් ලබා ගත් බව කියන කුරුණෑගල පොලිසියේ සංචාරක අංශයේ රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයකු  අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.

පසුගිය දෙසැම්බර් 26 වැනි දින රාත‍්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස්  කණ්ඩායමකට මාර්ගයක දමා ගොස් තිබූ අදාල යතුරුපැදිය කුරුණෑගල පොලිස් භාරයට ගෙන තිබුණි.

පොලිස් ස්ථානය භාරයේ තිබූ අතර යතුරු පැදියේ හිමිකාරිය යතුරු පැදිය රැගෙන යාමට අයිතිය තහවුරු කිරිමේ ලිපි ලේඛණ සමග මැයි මස 05 වන දින කුරුණැගල පොලිසිය වෙත පැමිණ ඇත.

අදාල පොලිස් නිළධාරියා යතුරු පැදිය නිදහස් කර දීමට රු 5000/- ඉල්ලා ඇති අතර, කාන්තාව ළග තිබූ රුපියල් 4000/- නිළධාරියා ලබා දුන්නත් යතුරු පැදිය නිදහස් කර නොදීම නිසා අදාල කාන්තාව  අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.