(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව විවිධ ප්‍රදේශයන්හි කඩාකප්පල් කාරී ක්‍රියාවන් සිදු වීම සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් අද (28) පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඒ අයුරින් කඩා කප්පල්කාරී ක්‍රියාවක් සිදු වී ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ප්‍රධානීන්ගේ ක්‍රියාකාරීත්වයේ හෝ ප්‍රමාද වී පියවර ගැනීම හේතුවෙන් ද යන්න මෙහිදී විශේෂයෙන් සොයා බැලීමට නියමිත බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
කුලියාපිටිය , මිනුවන්ගොඩ , හලාවත හා නාත්තන්ඩිය ඇතුළු ප්‍රදේශවල වෙළඳ සැල් වාහන හා නිවාසවලට පහර දීම වැනි ක්‍රියාවන් රැසක් සිදු වී තිබී ඇති අතර ඇතුම් ප්‍රදේශවල එවැනි ක්‍රියාවන් සිදුවීමේ දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා පිළිවෙත හා තවත් ප්‍රදේශවල එවැනි ක්‍රියාවක් සිදු වීමේදී පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණීමේ ප්‍රමාදයක් සිදු වී ඇද්දැයි යන්න මෙහි දී විශේෂයෙන් සොයා බැලීමට නියමිත බව එම නිලධාරියා පැවැසීය.

