රථ වාහන පොලිසියට මාලඹේදී පොලිසියට බැන වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් පොලිස් ලියවිලි හා හෙල්මටය පැහැර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල අවන්හල් හිමියකුගේ බිරිඳ ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.
මාර්ග නීති කඩ කිරීමක් සම්බන්ධයෙන් බීඑම්ඩබ්ලිව් රියක් ධාවනය කළ කඩුවෙල බෝමිරියේ එම්.ඩී.චමිලාට වාහනය ලබා දුන් බව කියන ඇගේ සැමියාවන කීර්ති ගුණවර්ධන ඇප ලැබීය.
රිය පදවාගෙන යද්දී සැමියා රියේ නොසිටි අතර දෙදිනකට පසුව පොලිස් පොත්පත් හා හෙල්මටය බාරදීමට ගිය අවස්ථාවේ සැමියා කළ ප්‍රකාශය අනුව එම දෙදෙනාම අත් අඩංගුවට ගනු ලැබූහ.

