අපරාධ නඩු විධාන සංග්‍රය යටතේ මුදල් වංචා නඩුවක සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකිව තිබියදී නීතිපති උපදෙස් සඳහා යොමු කළේ ඇයිදැයි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට නියෝග කළේය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි සහ ඔහුගේ සහෝදරියක වන ෆාතිමා ශ්‍රියානාට එරෙහිව ගොනු කර ඇති මුදල් වංචා නඩු නවයක් කැඳවූ අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා එම නියෝග කළේය.