පොලිසිය තොරතුරු ඉල්ලයි


බීමත් බව පෙනෙන පුද්ගලයකු සහ ඔහුගේ මිතුරා ඔහු  කැඳවාගෙන යාමට එන තරුණ කාන්තාවකට පහරදෙන සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් අන්තර් ජාලයේ සැරිසරයි.

මෙම කාන්තාව සමඟ තවත් ගැහැණු ළමයෙක්ද සිටියි. එක තරුණයකුගේ පහරදීමෙන් තරුණිය බිම ඇද වැටෙන අන්දමත් ඉන්පසු පහර දුන් තරුණයා ඇය නැගිට්ට වීමට උත්සාහ ගන්නා අන්දමත් දර්ශනය වෙයි. අනෙත් තරුණිය ඇය ආපසු ගෙනයාමට උත්සහ කරයි. 

කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින නීති ශ්‍රි ලංකාවේ නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත්, නීති ගෘහස්ථ හිංසනය සහ කාන්තා හිංසනය එතරම් වැදගත් කාරණා ලෙස නොසැලකීමත් මෙවැනි ශෝචනීය තත්ත්වයක් උත්සන්න වීමට හේතු වී තිබෙන බවත් මෙම වීඩියෝව පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනා කියති.

මෙම පහරදීම ගැන තොරතුරු ළඟම ඇති පොලිසියට  ලබා දෙන්නැයි ද   ලබා දෙන අයගේ නම්,ගම් රහසිගතව ගතා ගන්නා බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය පවසන අතර මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි ද  පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කියයි.

 

3[1] 7[1] 8[1] 10[1]