පොලිසිය ගැන පොලිස් පරීක්ෂණ


යාපනයේ පාසල් සිසුවියක කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස  උසස් පොලිස් නිලධාරියකු නියෝග කළැයි කියන සිද්ධියක් ගැන රහස් පොලිසිය හා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි කියයි.

අපරාධය සිදුවූ ආසන්නම දිනක එම සැකකරු ගම්වාසීන් විසින් අල්ලා උප පොලිස් පරීක්ෂකවරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට බාර දුන් බවත්, ඔහු පොලිසියට ගෙන ආ පසු කෙළෙසීමේ සිද්ධියට සම්බන්ධ නැති අයකු බවට උසස් පොලිස් නිලධාරියා දැන්වූ බවත්, ඉන් පසු එම නිලධාරියාගේ කීම මත සුළු පැමිණිලි අංශයේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහු මුදා හැර ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබී තිබේ.

එලෙස මුදා හැරි බව කියන සැකකරු පසුව වැල්ලවත්තේ දී  ප්‍රධාන පොලිස් පරීක්ෂක වුඩ්ලර් මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබීය.