පොලිසිය ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධයට වැට බදියි


(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන වංචාවලට එරෙහිව පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතාකරුවන්ගේ ගමන වළක්වාලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිවිසෙන කොළඹ 7 විද්‍යා මාවත මාර්ග බාධක යොදා තාවකාලිකව අද වසා දැමීමට පොලීසිය පියවර ගනු ලැබීය.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රීඩා ලෝලීන්  පුරා රැඳී සිටි අයුරු ද දක්නට ලැබිණ.

ක්‍රීඩාලෝලීන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය අසල විරෝධතාවයේ නිරත වූහ.

2006 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ක්‍රිකට් සම්බන්ධයෙන් විගනන වාර්තාවක් ලබාදෙන ලෙසද ඔවුන් එහිදී ප්‍රකාශ කළේය.

මෙම තත්ත්ව හේතුවෙන් ක්‍රිකට් ආයතන අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද ඊයේ දිනයේ යොදවා තිබිණ.

කැරලි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදාව ද ක්‍රිකට් ආයතනය ඉදිරිපිට කැඳවීමට පියවර ගනු ලැබීය.

ක්‍රිකට් ආයතනයට ගමන් කළ හැකි සියලු පිවිසුම් මාර්ග පොලීසිය විසින් අවහිර කර තිබූ අතර පසුව ඒවා ගමනාගමනයට විවෘත කිරීමට පියවර ගනු ලැබීය.

ඡායාරූප : ලහිරු හර්ෂණ.