කෑගල්ල උසාවි පාරේ ඔසවා තිබූ කළු කොඩි කිහිපයක් පොලිසියෙන් කපා ඉවත් කෙළේය. අග විනිසුරුවරිය නෙරැපීමේ යේජනාවට එරෙහිව නීතිඥවරු කළු කොඩි දැමූහ. කොඩි කිහිපයක් කපද්දී පොලිසිය සමග නීතිඥවරු බහින් බස් වූහ. පොලිසිය ඉතිරි කොඩි නොකපා පිටව ගියේය. නීතිඥවරුන් පාගමන්ක් යෑමට ද සූදානමින් සිටිය එහෙත් දහවල්වනතුරු එවැන්නක් දක්නට නොලැබිණි.

