පිළියන්දල තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ අද (2) පොසොන් පොහොයට සිල් සමාදන්වීමට පැමිණි උවසු උවැසියන්ට ගල්කිස්ස කොට්ඨාස බාර රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා මාර්ග නීති පිළිබඳ දැනුම්වත් කිරීමක් සිදු කළේය.
පිළියන්දල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සී.මාදුගොඩ මහතා වැඩසටහන සංවිධානය කර තිබුණි.




