පොලිස්පතිට නොතීසි දෙන්නැයි කාලෝගේ නීතිඥයාට නියෝග


මුල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය  නීති විරෝධි  බවට ප්‍රකාශ කර එය පිහිටවු ගැසට්  නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා  ගොනු  කළ පෙත්සම සම්බන්ධ නොතීසි  පොලිස්පතිවරයා  වෙත ලබා  දෙන්නැයි අභියාචනාධිකරණය පෙත්සම්කර  ඇල්ලේ  ගුණවංශ හිමි  සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මහතාගේ  නිතිඥවරයාට  අද  (17) නියෝග කළේය.

නීතිපතිවරයාට පමණක් එම පෙත්සම සම්බන්ධ නොතිසි ඉකුත් 15 වැනිදා  ලබාදිමට පෙත්සම්කාර පාර්ශවය  කටයුතු  කර ඇති  බව අවධානයට  යොමු  කළ අභියාචනාධිකරණය මෙම නියෝග කළේය.