පොලිස්පතිට තෙවන වරටත් සේවා දිගුවක්


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම සේවා දිගුව අත්සන් තබා ඇතැයි පොලිස් මූලස්ථානය  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මීට පෙර මාස තුන බැගින් වූ සේවා දිගු දෙකක් ලබා සිටි සී'. ඩී. වික්‍රමරත්න මහතා අවසන් සේවා දිගුව නිමවී විශ්‍රාම ලැබුවේ ඉකුත් 25 වැනිදාය.