අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස පොලිස්පති හෝ පොලිස් නිලධාරියකුට නියම කළ විට ඊට ගරු කරමින් අභියාචනාධිකරණය පොලිස්පතිට අවවාද කරමින් අද (16) නියෝග කළේය.
නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අභියාචනාධිකරණය හමුවෙහි පෙනී සිටි අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා මෙම නියෝගය කළේය.
පොලිස් නිලධාරියකුට එරෙහි විනය පරීක්ෂණයක් ගොනු කළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙසට සිව් වතාවක් නොතීසි නිකුත් කර තිබියදීත් පොලිස්පති හෝ ඔහුගේ නියෝජිතයකු අධිකරණයට නොපැමිණි නිසා එම අවස්ථා හතරේදීම පෙත්සම කල්ගිය බව විනිසුරු මෙහිදී පෙන්වා දුන්නේය.

