තරිඳු ජයවර්ධන
වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරනවාට පොලිස්පතිවරයා දිගින් දිගටම විරෝධය දැක්වූ කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ජතික පොලිස් කොමිසම විසින් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ඇතුළු පස් දෙනකු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මුල් වරට තීරණය කර පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ පසුගිය අප්‍රේල් පස් වැනි දා ය. ඒ මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා මහතා වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීම ගැන නැවත සලකා බලන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබිණි.
එම තීරණය සලකා බලා යළිත් වරක් පොලිස් කොමිසම දැනුම් දුන්නේ ඒ දෙදෙනා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනාම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙසයි. කෙසේ වෙතත් අවස්ථා තුනකදීම ඔවුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් නොකිරීම නිසා මැයි මාසයේ මුල් සතියේ දී ජාතික පොලිස් කොමිසම පාලිත සිරිවර්ධන මහතා හැර ඉතිරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හතර දෙනා වැඩ බලන පොලිස්පතිවරුන් ලෙස පත් කරනු ලැබූහ.
තමා කිලිනොච්චි කොට්ඨාසයෙන් මාරු කර කොට්ඨාසයක් නැතිව සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන බවට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක දී පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බව කියමින් පාලිත සිරිවර්ධන මහතා පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි. බොරු චෝදනා මත යළිත් වරක් තමාට හිරිහැර කරන බව කියමින් සිරිවර්ධන මහතා පොලිස්කොමිසමට පැමිණිලි කර තිබුණු බව කොමිසමේ ආරංචි මාර්ග කියයි. මේ හේතුව නිසා තමාට උසස්වීම් නොදෙන බව කියමින් පාලිත සිරිවර්ධන මහතා කොමිසමට ලිඛිතව දැනුම් දුන් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පාලිත සිරිවර්ධන මහතාට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් කෙටුම්පත් කර නීතිය හා සාමය අමාත්‍යංශයට යවා ඇතැයි පොලිස්පතිවරයා දැනුම් දුන් බවත්, ඒ අනුව එම චෝදනා පත්‍ර දෙක කොමිසමට ගෙන්වාගෙන විමසා බැලූ බවත්, එම චෝදනා පත්‍ර සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්ති තනතුරට පත් කළ ජාතික පොලිස් කොමිසම ඊට අදාළ පොලිස් පණිවුඩය නිකුත් කරන ලෙස පොලිස්පතිට දැන්වූ බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වී ඇත්තේ 1979 වසරේදීය. ඒ මහතා කොළඹ, තංගල්ල, යාපනය ආදී ප්‍රදේශ රැසක සේවය කර තිබේ.
පොලිස්පති විරෝධය නොතකා පාලිත සිරිවර්ධනට උසස්වීම්
Recommended Articles