පොලිස්පති මලයාසියාවේ


මලයාසියාවේ රාජකීය පොලිස් සේවයේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීමටත්, දෙරටේ පොලිස් සේවාවන් අතර සබඳතා ගොඩ නඟා ගැනීමටත් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද මලයාසියාව බලා පිටත් විය.

පුහුණු බාර නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්, කළුතර පොලිස් විද්‍යාලයයේ අධ්‍යක්ෂ සංජීව ධර්මරත්න, පොලිස් විද්‍යා පීඨයේ අධ්‍යක්ෂ සජීව මැදවත්ත මහත්වරු ද පොලිස්පති සමග ගියහ.

වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා කටයුතු කරයි.