29 වැනිදා - කොළඹ (රොයිටර්/ඒ.එෆ්.පී)
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
පොලිස්පතිවරයා වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන පියවර ගත්තේය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වීමේ නිසි කි‍්‍රයාමාර්ග ගැනීමට අපොහොසත් වීමේ වගකීම බාරගනිමින් තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයාට දැනුම් දෙන ලද නමුත් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම පොලිස්පතිවරයා ප‍්‍රතික්ෂේප කරයි.
පසුගිය සිකුරාදා ජනාධිපති සිරිසේන මහතා කියා සිටියේ පොලිස්පතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වනු ඇති බවයි. එහෙත් ජනාධිපතිවරයා වෙත සිය අස්වීමේ ලිපිය යැවීම පොලිස්පතිවරයා තවමත් පියවර ගෙන නැත. ඔහු තවමත් සිය නිල නිවසේ රැඳී සිටී.
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමටත්, වැඩබලන පොලිස්පති ලෙ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා පත්කිරීමටත් ජනාධිපතිවරයා පියවර ගත්තේය.
”ජයසුන්දර මහතා ජනාධිපති නියෝගයට අකීකරු වී තිබෙනවා”
”අනිවාර්ය නිවාඩු යැවීමෙන් කියැවෙන්නේ ඔහුගේ සේවය අත්හිටුවා තිබෙන බවයි. කොහොම වෙතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගයක් මගින් ඔහුව නිසි පරිදි තනතුරෙන් ඉවත් කෙරෙනවා ඇති” යයි පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජයසුන්දර මහතාගෙන් ප‍්‍රකාශයක් ගැනීම සඳහා ඔහු සම්බන්ධකරගත නොහැකි විය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පසුගිය සෙනසුරාදා සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

