(තරිඳු ජයවර්ධන)
පොලිස් ස්ථානාධිපතිවරුන් 54කට ස්ථාන මාරුවීම් ලබා දුන්බව පොලිසිය කියයි.
පසුගිය ජනවාරි මාසයේ මෙම ස්ථාන මාරුවීම්වලට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබිණි.
ඒ අනුව මෙම ස්ථාන මාරු නියෝග ජනවාරි මාසයේ නිකුත් කළ අතර පසු දිනම එය අවංගු කරමින් යළිත් පොලිස් පණිවුඩ නිකුත් කර තිබිණි.
අද යළි ස්ථාන මාරු නියෝග නිකුත් කළේ ජනයාරි මස අහෝසි කරන ලද නියෝගය සංශෝධනය කරමින් බව පොලිසිය කියයි.

