(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා සේවයෙන් බැහැරව සිටීමට එකඟ වූයෙන් මහනුවර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගය හරස් කරමින් කළ විරෝධතාව අද පස්වරු 2 .00 ට පමණ අවසන් කළේය.
නාවලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වහාම මාරු කර යවන්න‘යි ඉල්ලමින් මහනුවර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා අද (10) අලුයම 5.00 සිට මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත විය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් .ටි .එ මුතාලිෆ් මහතාත්, මන්ත්‍රී සහ නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාත් අතර පැවැත්වූ සාකච්ඡාවකින් පසු ඇති කර ගත් එකඟතාවක් මත විරෝධතාව අත් හැරීමට තීරණය කර තිබේ.
නාවලපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා පවසන්නේ තමන් කිසිදු වරදක් කර නොමැති බවත් පොලිස් කොමිසමෙන් තීරණයක් ලබා දෙන තුරු අද සිට නිවාඩු ලබා පොලිස් ස්ථානයෙන් බැහැරව යන බවත්ය.