පොලිස් වෙඩි වැදී දෙන්නෙක් මරුට
මිද්දෙණිය ජුලම්පිටියේ පාළු ගෙයක දී පොලිසිය හා යතුරු පැදිකරුවන් දෙදනකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු යතුරු පැදිකරුවෝ දෙදෙනෙක් මරුමුවට පත් වූහ. යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි තවත් යතුරු පැදිකරුවන් දෙදෙනකු පළා ගිය බව පොලිසිය කියයි. අපරාධ කිහිපයකට සම්බන්ද බව කියන පිරිසක් ගැන ලැබුණු තොරතුරක් අනුව පොලිසිය මෙම වැටලීම කැර ඇත. මැරුම් කෑ සැකකරුවන් ළඟ තිබි ටී. 56 ගිනි අවියක් සොයාගත් බව පොලිසිය පවසයි.

