පොලිස් වෙඩි පහරින් සැකකරු රෝහලේ


රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලිමක් සිදුකර පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට යාමේදි පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල වූ සැකකරු අද (31)  අලුයම රෝහල්ගත  කර ඇතැයි තිස්සමහාරාම පොලීසිය කියයි.

මෙසේ වෙඩිවැදි තුවාල ලබා ඇත්තේ තිස්සමහාරාම රන්මිණිතැන්න  පදිංචි 30හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් නිලධාරින් කණ්ඩායමක අද අලුයම එකට පමණ රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලිමක් සිදුකර ඇති අතර එහිදි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට යාමේදි පොලිස් වෙඩි පහරකින් ඔහුගේ උරහිසට  තුවාල සිදුව ඇත.