(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරාහේන්පිට ජාවත්ත සලුසල ඉදිරිපිට ගුවනේ සැරිසැරූ ඩ්‍රෝන කැමරාවක් පොලිස් වෙඩිතැබීමක් සමඟ අතුරුදන් වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි.
ජනාධිපති ආරක්ෂක අංශයෙන් ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න මහතා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සමග එම ප්‍රදේශයට ගොස් සිදුකළ විමර්ශනවලදී ඩ්‍රෝන කැමරාව දැක ඇතැයි පොලිසිය කියයි.
ස්ථානාධිපතිවරයා ලබාදුන් නියෝගය මත පොලිස් නිලධාරියෙකු ඩ්‍රෝන කැමරාවට වෙඩි තබා ඇති බවද, වෙඩි පහර නිසි ඉලක්කයට යොමු නොවීම හේතුවෙන් ඊට අලාභ හානි සිදු නොවූ බවද පොලිසිය කියයි.
බොරැල්ල බෞද්ධාලෝක මාවත දෙසට ඩ්‍රෝන කැමරාව ගමන් කිරීමත් සමග පොලිස් නිලධාරීන් එම ගමන්මග අනුගමනය කරමින් හඹා ගියද බම්බලපිටිය මුහුදු සීමාව දක්වා කැමරාව ගුවනේ සැරිසැරූ බව පොලිසිය පවසයි.

