(යොහාන් භාසුර)
පොලිස් නිල බස් රථවලින් ඩීසල් හොරෙන් ලබාගෙන විකිණීමේ ජාවාරමක නිරතව සිටි පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අද (29) අත්අඩංගුවට ගත්තේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මරදාන ප්‍රදේශයේදී ක්‍රියාත්මක මෙම ජාවාරමට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා නෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

