සෙරප්පු දෙකක ඉව ඔස්සේ කිලො මීටර් 2ක් දුර ගිය ග්‍රේරු නම් පොලිස් බල්ලා පානදුර අළුබෝමුල්ලේ ග්‍රාමීය බැංකුව කඩන්නට ආ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගැනීමට උදව් විය. මෙම පිරිස පෑස්සුම් යන්ත්‍රයක් ගෙනවුත් සේප්පුව කඩමින් සිටියදී මුරකරු දැක එක සැකකරුවකු සෙරප්පු දමා දිවූ බව පෙනේ යැයි පොලිසිය කියයි. එම සේප්පුවේ රුපියල් කෝටි හතහමාරක රන් බඩු ද රුපියල් කෝටි දෙකක මුදල් ද තිබූ බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. ග්‍රේරු සෙරප්පු දෙකේ ඉව ඔස්සේ පමුණුගම වාහන සෝදන ස්ථානයක මුර කුටියකට ගොස් නැවතුණේය.

