පොලිස් පොතේ මෙහෙම ඇතේ


ඇල්පිටියේ නිවසක් ළඟදී පිරිමියකු මෝල්ගසකින් ගසා මරා දමා ඇතැයි පොලිසිය කියයි. කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.


ජගත් ළමා දින සතියේදී බාලවයස්කාර දැරියන් 6 දෙනකු සමීප ඥාතීන් අතින් කෙලෙසී ඇතැයි පොලිසිය පවසයි.


කහටගස්දිගිලියේ රත්මල්ගහවැව විවාහක කතක (30) පිළිස්සී මරුමුවට පත්වී ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.

පුළුස්සා මරාදමන්නට ඇතැයි සැකයක්ද පවතී.