බදුල්ල තැන්නපංගුව ගමඔයෙන් එගොඩ වී නිවස කරා යෑමට ගිය මිත්තණියක (75) හා මුනුපුරා (11) සැඩ දියපහරකට හසු වී ගසාගෙන යාමෙන් මිත්තණිය මිය ගොස් මුනුපුරා ගල් පරයක එල්ලී දිවි බේරා ගෙන ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
බකමුණේ මැණික් ගැරිමට ගිය පුද්ගලයකුගේ (43) සිරුරක් බකමුණේ පරණ පතුලකින් සොයා ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙය මිනිමැරුමක් බව පොලිසිය සැක කරයි.
කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් දුමිරියක කිලිනොච්චියේ දුම්රිය හරස් මාර්ගයකදී අඟහරුවාදා (27) රාති‍්‍රයේ යතුරුපැදි කරුවෙකු ගැටීම හේතුවෙන් එම යතුරුපැදිකරු මිය ගිය බවට කිලිනොච්චිය පොලිසිය පැවසුවේය.

