ඉංගිරිය වගවත්ත ප්‍රදේශයේ බැඳ සිටි හරකුන් දෙදෙනකු මරා මස් කළැයි සැකපිට සැකකරුවන් 5 ලොරියක් හා ත්‍රී රෝද රථයක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අදාළ පෙදෙසේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් හරකුන් දෙදෙනකු මස් පිණිස මරාදැමීමට හොරකම් කරගෙන යමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

