පොල්පිතිගම, හක්වටුණ ජලාශය ආශ්‍රිත සැරිසරන වල් අලින් පලවා හැරීමට ගිය හේරත්ගම වනජීවී කාර්යාල නිලධරයකු වල් අලි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කාසල්රී ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔය අභියස පිහිටි බගවන්තලාව බොගොවාන වතුයායේ වතුනිවාස පේළියක් අසල කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය අනවසර මැණික් ගැරීමක් වැටලීමට බගවන්තලාව පොලීසිය අද (07) සමත්විය.
වතුකම්කරුවන් කීපදෙනෙකුගේ සහයෝගය මත එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට මෙම අනවසර මැණික් ගැරීම සිදුකර ඇති බවත් වැටලීම සිදුකරන අවස්ථාවේ අනවසර මැණික් ගැරීමේ ජාවාරමේ නිරතව සිටි මැණික් ජාවාරම්කරුවන් සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
වැලිපැන්නේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගෙන් අල්ලස් ගත් කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසම කියයි.

