පොලිස් පොතෙන්


අනුරාධපුර  විජයපුර   25 හැවිරිදි මවකගේ මාස දෙක හමාරක් වයසැති  පිරිමි දරුවකු  නිදි යහනේ සිටියදී  ඇඟට  යටවී  මිය ගිය බව අනුරාධපුර  පොලිසිය පවසයි.

 

 

රුපියල් ලක්ෂ 3කට ආසන්න රට සිගරට් තොගයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 


බිබිලේ හොර ගවමස් කඩයක් වටලා සැකකරුවන් 6 දෙනකු සමග එළදෙනුන් 7 දෙනකුගේ මස්ද ගෙල කපා දැමූ වැස්සියකද සොයා ගත් බව පොලිසිය පවසයි.

සෞඛ්‍ය පරීක්ෂකයකු සතු මුද්‍රාවක්ද මස් කඩකරු ළඟ තිබූ බවද පොලිසිය කියයි.


දිඹුලාගල ඖෂධ පොකුණු බැලීමට මහියංගණය, දඹරාවෙන් ගිය පිරිසකගෙන් අට දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.