පොලිස් පොතෙන්


13 හැවිරිදි දරුවකු ත්‍රිරෝද රථයක් තුළදී  අපයෝජනයට ලක් කළැයි කියන දෙහිඕවිට හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු 58 හැවිරිදි විවාහකයෙකි.

හැටන්

හැටන් දික්ඔය වනරාජා වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ලවූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් තේ දළු නෙළමින් සිටි කාන්තාවන් අට දෙනෙකුට ඇතුළු නව දෙනකු දික්ඔය මූලික රෝහලට ඇතුල්කර ඇත තේ පඳුරක් මත තිබූ බඹර කූඩුවක් තේ දළු නෙළමින් සිටි  කාන්තාවකගේ පයේ ගැටීමෙන් බඹරුන් ඇවිස්සී ඇත.

ඇල්ල

ඇල්ල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයෙ ගමන් ගත් ප්‍රංශ ජාතික සංචාරකයකුට පිහියක් එල්ල කර බිය ගන්වා ඔහු සතුව තිබූ රුපියල් දසදහසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි

ඇල්පිටිය

ඇල්පිටිය කැල්ලපත දී ත්‍රිරෝද රියක් විදුලි කණුවක හැපීමෙන් අයෙක් මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි