අම්බලන්තොට නගරයේ මත්පැන් අලවිසලක් කඩා මුදල් සහ මත්පැන් සොරකම් කර ඇති බව පැමිණිලි කර ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.
යකඩ ඉනි යොදා යකඩ දොර කඩා මත්පැන් හලට ඇතුල්වූ පිරිස එහි තිබූ මුදලින් රුපියල් 92,000 ක් සහ මත්පැන් බොතල් රැගෙන ගොස් තිබේ.
බලපත්‍ර නොමැතිව මෝදක ගුලි 43 ක් ළඟ තබා ගැනීම සහ අලවි කිරීම සිදුකළ අම්බලන්තොට බෙහෙත් බඩු වෙළඳසලක හිමිකරුවෙකුට රුපියල් දස දහසක දඩ හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියම කළේය.
ගාල්ල - කොළඹ මහා මාර්ගයේ වේනමුල්ල, වැල්ලමද්ද ප‍්‍රදේශයේදී ඊයේ දහවල් තී‍්‍රරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ලා හැපීමෙන් තී‍්‍රරෝද රථය පාර මැද පෙරලී තිබූ අතර එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
නාත්තන්ඩිය - දංකොටුව මාර්ගයේ කොටරාමුල්ල ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව කොස්වත්ත පොලීසිය කියයි.

