-
වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔහු වෙඩි තබා ගන්නට ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
-
අද (2) අලුයම තවලම හබරකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට පිරිසක් පහර දී ඇතැයි හිනිදුම පොලිසියට පැමිණිලි කර තිබේ. මෙවර මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන සුනිල් සේනානායක මහතාට සහාය දැක්විම සඳහා එම කාර්යාලයය ඉදි කර ඇත. සන්ධාන ආධාරකරුවන් පිරිසක් පහර දීමට සම්බන්ධ බවට සැක කරයි.
- ගොඩගම දී ඩිෆෙන්ඩරයක යතුරුපැදියක් හැපී එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
- මොරගහහේන පොලිසිය තම ඡන්ද කටයුතුවලට අවහිර කරතියි හොරණ සන්ධාන අපේක්ෂක විදුර වික්‍රමනායක මහතා හොරණ පොලිසියට පැමිණිලි කර ඇත.
- 119ට ලැබුණු පැමිණිල්ලක් අනුව මොරගහහේන පොලිසියෙන් පරීක්ෂණයට ගිය විට මන්ත්‍රීවරයා තමාට බැණ වැදුණු බව පොලිස් පරීක්ෂක කියා ඇත. මේ පැමිණිලි දෙකම ගැන දැන් පරීක්ෂණයක් පැවැත්වේ.

