පොලිස් පොතෙන්


  • බලපත්‍ර නොමැතිව ඇත් දළ දෙකක් ළඟ තබාගත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරියාය පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
  • යතුරුපැදි සොරකම්කැර ඒවා කොටස්කැර විකිණීමේ යෙදි සිටි පුද්ගලයන් තිදෙනකු කඩු හා පතොරම් කිහිපයක් සමග අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.            
  • යාපනයේ සරසවි සිසුන් දෙදෙනකු මුලතිව් විශ්වමඩු වැවේ දිය නෑමට ගොස් අතුරුදන්ව ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
  • මහනුවරට ගෙන එමින් තිබූ ගංජා ග්‍රෑම් 235ක් අඩංගු පොලිතීන් බහාලුම් 95ක් සමග සැකකරුවන් දෙදෙනකු ගලවිදපු තැන දී අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.