- පන්නල ජයසිරිගම නාගහලන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා මරා දමා ඇති බව පන්නල පොලීසිය කියයි. මෙසේ මරා දමා ඇත්තේ 34 වියැති පින්තාරුකරුවෙකි.
- මිනීමැරීම් දෙකකට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිය දී පලාගොස් කාන්තාවක ද බිය ගන්වා පැහරගෙන ඇය සමග සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
- මෙරට නිෂ්පාදිත නීති විරෝධී ගිනි අවියක් සමග පුද්ලයකු (32) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
- දංකොටුවේ දේවාලයක වාර්ෂික උත්සවයට පැමිණි අයට කසිප්පු විකුණූ බව කියන පුද්ගලයකු කසිප්පු බෝතල් 20ක් සමග සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
- පසුගිය බ්‍රහස්පතින්දා (25) තංගල්ලෙන් මුහුදු ගිය ‘ලක්ෂාන්‘ යාත්‍රාව සමග ධීවරයන් තිදෙනකු ආපසු පැමිණ නැතැයි පොලිසිය කියයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ තංගල්ල පල්ලික්කුඩාව හා හේනකඩුව පදිංචිකරුවන් තිදෙනෙකි.

