පොලිස් පොතෙන්


ගම්පහ - 

ගම්පහ දාරළුව ප්‍රදේශයේ  අත්තනගලු  ඔයේ අතු ගංඟාවක තීබි  කකුල්  දෙක ගැට ගැසු  මළ සිරුරක්  සොයා ගත් බව පොලිසිය කියයි.

මහනුවර - 

කටුගස්තොට අඹතැන්නේ සම්බාහන ආයතනකට පැමිණ ප‍්‍රතිකාර කර ගැනීමෙන් පසුව එහි ප‍්‍රධාන වෛද්‍යවරියගේ රුපියල් 80 000 ක රන් මාලය කඩා පැනගිය පුද්ගලයෙකු ප‍්‍රදේශවාසීන්  විසින් අල්ලා භාර දිමෙන් පසු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගාල්ල -

හබරාදූව, අඟුළුගහදී ටිපර් රථයකට යටවීමෙන් 48 හැවිරිදි පුද්ගයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ටිපර් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.