පොලිස් පොතෙන්


මාතලේ - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කවටයාමුණ වංගුවේ අද (15) වස ලංගම බස් රථයක් හා එළවළු පැටවූ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් 13 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

වාද්දුව අපරාධ මෙහෙයුම් ඒකකය මගින් කළුතර උතුර හා දකුණු ප්‍රදේශවල සිදුවූ අපරාධ 21ක් සම්බන්ධයෙන් සැකපිට පියකු හා පුතකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හඳපාන්ගොඩ දියනෑමට පැමිණි හෝමාගම ප්‍රදේශයේ පිරිසක් රැගත් මෝටර් රථයක් ගොඩගමදී පෙරලීයාමෙන් අවුරුදු 26ක තරුණියක් මියගිය බව පොලිසිය පවසයි.